අඟුණකොළපැලැස්ස පොලිස් වසමේ රන්න මාර්ගයේ අද(06) අළුයම 2.40 ට පමණ රිය අනතුරක් සිදුව තිබේ.

අගුණකොළපැලැස්ස නගරය දෙසට ධාවනය වූ ලොරි රථයක් මාර්ගය හරහා ගමන් කළ පදිකයෙකුගේ ගැටී මෙම අනතුර සිදුව තිබේ.

අනතුරින් බරපතළ තුවාල ලැබු පදිකයා අඟුණුකොළපැලැස්ස රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් ඇත.මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 24 ක් වු ගුරුපන්විල අරාව, බදුල්ල ලිපිනයේ පදිංචි තරුණයෙකි.

ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර මෘත ශරීරය මේ වන විට අඟුණුකොළපැලැස්ස රෝහලේ තැන්පත් කර තිබේ.

අඟුණකොළපැලැස්ස පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here