අද මැතිවරණ කොමිෂන් සභාවේ විශේෂ රැස්වීමක්

Read Time:1 Minute, 38 Second

අද (08) පෙරවරුවේ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශපි‍්‍රයගේ ප‍්‍රධානත්වයෙන් මැතිවරණ කොමිෂන් සභාවේදී විශේෂ රැස්වීමක් පැවැත්වෙනවා.

මැතිවරණ කොමිසමේ සාමාජිකයින් සහ මැතිවරණ මහලේකම් කාර්යයාලයේ ඉහළ පෙලේ නිලධාරීන් මෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් ද මෙම සාකච්ඡාවට සහභාගි වීමට නියමිත බවට වාර්තා වනවා.

සෞඛ්‍ය උපදෙස්වලට අනුව මහ මැතිවරණය පැවැත්වෙන දිනය එම සාකච්ඡාවේදී තීරණය කිරීමට බොහෝදුරට ඉඩ ඇති බව ද මැතිවරණ කොමිසම පැවසූ අතර මහ මැතිවරණයේ ඡන්ද විමසීම පැවැත්වෙන දිනය සහ අපේක්ෂකයින්ගේ මනාප අංක ඇතුළත් අතිවිශේෂ ගැසට් නිවේදන නිකුත් කිරීම සම්බන්ධයෙන් මෙම සාකච්ඡාවේදී අවසන් තීරණයක් ගනු ඇති.

ඡන්දපොළ වෙත පැමිණෙන ඡන්ද දායකයන් සඳහා විෂබීජ නාශක දියර ලබා දීම, ඇඟිලි සලකුණු කිරීම, ප‍්‍රමාණවත් ඉඩපහසුකම් නොමැති ඡන්ද මධ්‍යස්ථානවල ඡන්ද විමසීම සිදු කෙරෙන ආකාරය හා ඊයේ අම්බලන්ගොඩ ප‍්‍රදේශයේ පැවති ආදර්ශ ඡන්ද විමසීමේදී ලැබූ අත්දැකීම් සහ හදුනාගත් කරුණු පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

About Post Author

Staff writer

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Previous post පළාත් රැසකට අදත් ගිගුරුම් සහිත තද වැසි
Next post චීනයෙන් කොරෝනාවට එන්නතක්