Tuesday, April 16, 2024
HomeLocalඅනුප්‍රාප්තික ජනපති ධූරයට නම් තුනක්

අනුප්‍රාප්තික ජනපති ධූරයට නම් තුනක්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉවත් වීමෙන් හිස් වූ ජනාධිපති ධූරය සදහා නව ජනපතිවරයෙක් තෝරා පත් කර ගැනීමට අදාළ නාමයෝජනා කැදවීම අද (19) පාර්ලිමේන්තුවේ දී සිදු කෙරිණ.
මෙහිදි සමගි ජන බල වේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් අනුප්‍රාප්තික ජනපති වශයෙන් පොදු ජන පෙරමුණේ මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතාගේ නම යෝජනා කළ අතර ජීල්.පීරිස් මන්ත්‍රීවරයා විසින් එම යෝජනාව ස්ථිර කළේය.
පොදු ජන පෙරමුණේ අනුප්‍රාප්තික ජනපතිවරයා වශයෙන් දැනට වැඩබලන ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නම යෝජනා කළේ දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීතුමා  විසිනි.
මනූෂ නානායක්කාර මන්ත්‍රීවරයා විසින් එම යෝජනාව ස්ථිර කළේය.
ජාතික ජන බලවේගයේ  අනුප්‍රාප්තික ජනපතිවරයා වශයෙන් අනුර කුමාර දිසානායක මහතාගේ නම විජිත කුමාර හේරත් මන්ත්‍රීවරයා විසින් යෝජනා කළ අතර මන්ත්‍රීනී හරිනි අමරසූරිය මහත්මිය විසින් එම යෝජනාව ස්ථිර කරනු ලැබීය.
RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments