මෙන්න මෙහෙමයි “ඉක්කා වැටෙන්නෙ”

Read Time:1 Minute, 40 Second

මේ තියෙන්නේ අපේ ශරීරයේ මහා ප්‍රාචීරය ලෙස හඳුන්වනු ලබන ව්‍යුහයේ ඡායාරූපගත කරන ලද කොටසක්. අපි දන්නවා ශරීරයේ පපුව ප්‍රදේශය (උර කුහරය) බඩ ප්‍රදේශයෙන් (උදර කුහරය) ඇඟ ඇතුලේදී වෙන්වන සීමාවක් ගැන..

මේ කුහර දෙක වෙන්වෙන්නේ “මහා ප්‍රාචීරය” නමැති මාංශ හා තවත් පටක වලික් සෑදුනු පැතලි බිත්තියක් මගිනුයි. මේ ව්‍යුහයට ස්නායු සැපයුමක්ද පවතින නිසා එහි මාංශ පේශි නිතර ක්‍රියාත්මක වනවා. මේ මහා ප්‍රාචීරය නමැති බිත්තිය එහි ක්‍රියාකාරිත්වය මගින් පහලට යාමේදී පපු කුහරයේ ඉඩකඩ හෙවත් පරිමාව වැඩි වෙනවා..

එවිට අපගේ නාසය හරහා පෙනහලු වලට වාතය ගලා ඒම සිදු වෙයි. ඒ කියන්නේ අපට හුස්ම ගන්න උදව් කරන එක තමයි මේ බිත්තියෙන් සිදු කරන ලබන ප්‍රධාන කාර්යය. මීට අමතරව ඉල ඇට අතර ඇති මාංශ පේශි මගින්ද ඉල ඇට ඈතට තල්ලු කර පපු කුහරයේ පරිමාව වැඩි කරමින් නාසය තුලින් වාතය පෙනහලු තුලට ඇද ගැනීමටද උපකාර වෙනවා. මේ සඳහන් කරපු මහා ප්‍රාචීරය කියන බිත්තිය කිසියම් හේතුවක් නිසා ඉබේම සංකෝචනය හෙවත් ගැස්මකට ලක් වෙනවා..

මෙම ක්ෂනික සංකෝචනය හෙවත් ගැස්මකට ලක් වීම තමයි අපි ඉක්කාව ලෙස අත් විඳින්නේ.

සටහන හා ඡායාරූප – නලින් හේමන්ත

About Post Author

htwsithum

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Previous post හඳුනානොගත් ගුවන් යානයක් නිසා ධවල මන්දිරය වසාදැමේ
Next post පදියපැලැල්ල නිවසක් මතට පස් කන්දක් කඩාවැටීමෙන් එක් අයෙක් මිය ගොස් තවත් තිදෙනෙක් අතුරුදන්