ඇමෙරිකාවේ ආසාදිත ලක්ෂ 19ක් – මරණ 109,143 පසු කරමින්

Read Time:1 Minute, 22 Second

නව කොරෝනා වෛරසය හේතුවෙන් ඇමෙරිකා එක්සත් ජනපදයේ සිදුව ඇති මරණ සංඛ්‍යාව 110,000 සීමාවට ළඟාවෙමින් තිබේ.

ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ දත්තවලට අනුව අද (06) උදෑසන එම අගය 109,143ක් වශයෙන් සටහන් විය.

ඇමෙරිකාවෙන් වාර්තා වන සමස්ත මරණවලින් මරණ 30,236ක්ම නිව්යෝක් ප්‍රාන්තයෙන් වාර්තා වන අතර, නිව් ජර්සි වෙතින් මරණ 12,049ක්, මැසචුසෙට්ස් වෙතින් මරණ 7,235ක්, පෙන්සිල්වේනියා වෙතින් මරණ 5,898ක්, ඉලිනොයිස් වෙතින් මරණ 5,795ක් සහ මිචිගන් වෙතින් මරණ 5,613ක් වශයෙන් එම මරණ වාර්තා වෙයි.

කෙසේ වෙතත් වෛරසය ආසාදිතව සුවය ලැබූවන් 491,706ක් මේ වනවිට ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වන බවද ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්ත පවසයි.

මේ අතර,ඇමෙරිකා එක්සත් ජනපදයේ වාර්තා වන සමස්ත ආසාදිත අගය ලක්ෂ 19 සීමාවට ළඟාවෙමින් පැවති අතර, ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්තවලට අනුව එය මේ වනවිට දැක්වෙන්නේ 1,897,838ක් ලෙසිනි.

About Post Author

htwsithum

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Previous post ජර්මනියේ හැම්බර්ග් නුවර සිටි ලාංකිකයන් 236 දෙනකු අද මවුබිමට
Next post වැසි තත්ත්වයේ තරමක වැඩි වීමක්