ශ්‍රී ලංකා කොටියා හෙවත් කළු කොටියා මීට පෙර පිටදෙණිය, මාවුල්දෙණිය ප්‍රදේශය ආශ්‍රිතව උගුලකට හසුව මිය ගොස් තිබූ අතර ඒ වන විට එම සත්ත්ව විශේෂයේ අවසන් සත්වයා ලෙස එම කළු කොටියා හඳුනාගෙන තිබුණි.

ඒ අනුව මෙම සත්ත්වයාගේ හම යොදාගෙන ගිරිතලේ වනජීවි කෞතුකාගාරයේ නිර්මාණය කළ අනුරුව ශ්‍රී ලංකාවේ කළු කොටියාගේ අවසන් සාක්ෂිය ලෙස සැලකුණි.

නමුත් වනජීවි දෙපාර්තමේන්තුව දීපව්‍යාප්තව සිදු කරන ශ්‍රී ලංකාවේ කොටි පිළිබඳ ගවේෂණය එම ඉතිහාසය වෙනස් කිරීමට සමත්වුනේ ජීවමාන සාක්ෂියක් සපයමිනි.කළු කොටි ගැවසෙන බවට තොරතුරු ලැබුණු ස්ථාන කිහිපයක වනජීවි දෙපාර්තමේන්තුව දුරස්ථ චලන සංවේදී කැමරා සවිකළ අතර ඉන් එක් ස්ථානය පමණක් පසුගිය ඔක්තෝබර් මස 26 වෙනි දා මේ අපුරු සාක්ෂිය සටහන් විය.

ඒ, පසු පස හඹා ගිය වනජීවි දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකාවේ කළු කොටියා තවමත් ඉතිහාසයට පමණක් සීමා නොවන බවට තහවුරු කරගත්තේ දර්ශන කිහිපයක්ම තම කැමරාවල සටහන් කර ගනිමිනි. ඒ අනුව මෙම කළු කොටියාගේ සීමාවේ ශ්‍රී ලංකාවේ කොටි උපවිශේෂයට අයත් ගැහැණු සත්ත්වයෙකු පැටවුන් දෙදෙනෙකු හා තවත් පිරිමි සත්ත්වෙයකු ද සිටින බවට අනාවරණයවී තිබේ.

ලොව වෙසෙන කොටි වර්ග 8 ක් අතුරින් ශ්‍රී ලංකාවේ කොටියා නැමති උපවිශේෂය සුවිශේෂී වන්නේ ඔවුන්ගේ ඉතාමත් සීමිත ගහණය හේතුවෙනි.මෙතෙක් කල් වඳවී ගොස් ඇති බවට විශ්වාස කළ කළු කොටියා සැලෙකෙන්නේ ශ්‍රී ලංකාවේ කොටියා නැමති උපවිශේෂයේ වර්ණ ප්‍රභේදයක් ලෙසයි.

වනජීවි දෙපාර්තමේන්තුවේ  වෛද්‍ය මාලක අබේවර්ධන, වෛද්‍ය මනෝජ් අකලංක යන මහත්වරුන්ගේ මුලිකත්වයෙන් සිදු කළ මෙම ගවේෂණය සඳහා තාක්ෂණික සහය ලබාදී ඇත්තේ ට්‍රොපිකල් එකෝ සිස්ටම් රිස්ච් නෙට්වර්වර්ක් සංවිධානයයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here