උතුරු ඇමෙරිකාවේ ප්‍රධාන සංඝනායක ධුරය හෙබවූ පූජ්‍ය කුරුණෑගොඩ පියතිස්ස මහ නාහිමිපාණන් වහන්සේ ඊයේ (11) උදෑසන අපවත් වූහ. අපවත් වන විට උන්වහන්සේ 91 හැවිරිදි වියේ පසුවූහ.

වර්ෂ 1928 දෙසැම්බර් 29 වැනිදා කෑගල්ල, ගලිගමුව, කුරුණෑගොඩ ග්‍රාමයේදී උපත ලැබූ උන්වහන්සේ, 1941 වසරේ නොවැම්බර් 06 වැනිදින පැවිදි දිවියට පත්වූහ.

වර්ෂ 1950 ක්වූ ජුනි මස 22වැනිදා මල්වතු මහා විහාරයේදී උපසම්පදාව ලද උන්වහන්සේ ලොව පුරා ධර්ම ප්‍රචාරක කටයුතුවල යෙදීමෙන් සුවිශාල මෙහෙයක් ඉටුකළහ. එංගලන්තයේ සහ ඇමෙරිකාවේ බුදුදහම ව්‍යාප්ත කිරීම වෙනුවෙන් විහාරස්ථාන ඉදිකිරීමෙහිලා උන්වහන්සේ පුරෝගාමී වූහ.

අපවත් වන විට උන්වහන්සේ ඇමෙරිකාවේ නිව්යෝක් විහාරස්ථානයේ විහාරාධිපති ධුරය හෙබවූහ.

උන්වන්සේගේ ආදාහන පූජෝත්සවය ඔක්තෝබර් 17වැනි බ්‍රහස්පතින්දා ඇමෙරිකානු වේලාවෙන් උදෑසන 10.30 ට ඇස්ටෝරියා බුලවාඞ් ඕසෝල් ආදාහනාගාරයේදී සිදුකිරීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here