ග්‍රෑන්ඩ්පාස්  මාදම්පිටිය සුසාන  භූමියට තියුණු ආයුධ රැගෙන පැන  පුද්ගලයින් දෙදනෙකු  ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ බව කියන සංවිධානාත්මක අපරාධකරුවෙකු වන  කුඩු රොෂාන් නැමැත්තාගේ සහෝදරයකු ඇතුළු තිදෙනකු  පොලිස් විශේෂ කාර්ය බළකාය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සැකකරුවන් සමඟ යතුරුපැදියක් හා ජංගම දුරකතනයක්  වානේ කඩු දෙකක්, රබර් මිට සහිත මොට ආයුධයක් පොලිස් විශේෂ කාර්ය බළකාය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

සුසාන භූමියේ පැවැති අවමඟුල් උත්සවයකට සහභාගී වී සිටියදී මීට වසර කිහිපයකට පෙර  සංවිධානාත්මක අපරාධකරුවෙකු වන චූටි උක්කුං  නැමැත්තාගේ මස්සිනා සහ තවත් පුද්ගලයෙක් මෙලෙස ඝාතනය කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here