ඊයේ (12) රාත්‍රීයේ කටුගස්තොට ප්‍රදේශයේ පිහිටි පස් මහල් ගොඩනැගිල්ලක් ගිලා බැසීම හේතුවෙන් මහනුවර කුරූණෑගල මාර්ගයේ රථවාහන ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා.

මේ හේතුවෙන් අදාළ මාර්ගයේ ගමනාගමනය සම්පූර්ණයෙන්ම ඇණහිට ඇති අතර විකල්ප මාර්ග භාවිතා කරන ලෙසද පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා.

ගොඩනැගිල්ල ගිලා බැසීමෙන් කිසිවෙකුටත් අනතුරක් සිදුව නොමැති බව මේ වන විට වාර්තා වී ඇති නමුත් සුන්බුන් අතර කිසිවෙකු සිරවී ඇත්ද යන්න සම්බන්ධයෙන් සොයා බැලීමේ කටයුතු පොලීසිය සහ සහන සේවා කණ්ඩායම් විසින් ආරම්භ කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here