මේ වන විට චීනය ඇතුලූ රටවල් කිහිපයක ව්‍යාප්තව ඇති නව කොරෝනා වෛරසය හේතුවෙන් මෙම කාල සීමාවේ පැවැත්වෙන අන්තර්ජාතික තරගාවලි සඳහා ශී‍්‍ර ලාංකික කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් සහභාගී නොකිරීමට කී‍්‍රඩා අමාත්‍යාංශය තීරණය කරයි.

කී‍්‍රඩා අධ්‍යක්ෂ ජෙනරාල් ධම්මික මුතුගල පවසන්නේ ශ්‍රී ලංකා නෙට්බෝල් සංගමය සමග සිදු කරන ලද සාකච්ඡාවකින් පසු හොංකොං හීදි පෙබරවාරි මාසයේ සංවිධානය කර ඇති නෙට්බෝල් ටෙස්ට් තරගාවලියට සහභාගී නොවීමට තීරණය කර ඇතිබවයි.

එසේම ශ්‍රී ලංකා දුනු විදීමේ සංගමයේද එකඟතා පරිදි බංග්ලාදේශයේ පැවැත්වීමට නියමිත දුනු විදීමේ තරගාවලියට ද සහභාගීවීම නතර කර ඇති අතර, බර ඉසිලීමේ තරුණ තරගාවලිය සඳහාද ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගී කරවීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් අරගෙන නොමැති බවට ඔහු වැඩිදුරටත් සඳහන් කලේය.

මේ අතර පෙබරවාරි මස 15 වැනිදා නුවරඑළියේදී පැවැත්වීමට නියමිතව තිබූ දකුණු ආසියානු රට හරහා දිවීමේ තරගාවලිය ද නව කොරෝනා වෛරස් අවදානම හේතුවෙන් කල් දැමීමට තීරණය කළ බවද ඔහු මෙහිදී සඳහන් කලේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here