අධ්‍යාපන සහයෝගිතාව සදහා කොළඹ සරසවිය චීනය සමග අත්වැල් බැඳ ගනී

Read Time:5 Minute, 39 Second

2022 වසරේ කොළඹ විශ්වවිද්‍යාලය සදහා තේරිපත් වූ චීන සිසුන් පිළි ගැනීමේ උත්සවයක් අද බෙයිජිංහි ශ්‍රී ලංකා චීන තානාපති කර්යාලයේදී සිදු කෙරුණා.

බීජිං හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ Tomorrow Technology Education Service Center (TTESC) හි මුලිකත්වයෙන් මෙම උත්සවය පැවැත්වුණේ International Academic Exchange Committee of China-Asia Economic Development Association(CAEDAD), Beautiful China Investment Co., Ltd සහ Excellent Energy (Dalian) Co., Ltd හි සහයෝගය ඇතිවයි.

චීනය සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පිහිටුවීමේ 65 වැනි සංවත්සරය සහ රබර්-සහල් ගිවිසුම අත්සන් කිරීමේ 70 වැනි සංවත්සරයට සමගාමීව මෙය සංවිධානය කරන ලදී. අධ්‍යාපන හුවමාරුව, කුසලතා පුහුණුව සහ ශිෂ්‍ය හුවමාරුවේදී චීනය සහ ශ්‍රී ලංකාව අතර ප්‍රායෝගික සහයෝගීතාව ශක්තිමත් කිරීම හරහා රටවල් දෙක අතර මිත්‍රත්වය, සහ අන්‍යෝන්‍ය සංවර්ධනය සහ සමෘද්ධිය ප්‍රවර්ධනය කිරීම මෙහි අරමුණ වී තිබේ.

චීනයේ ශ්‍රී ලංකා තානාපති පාලිත කොහොන මහතා උත්සවයේදී පැවසුවේ ශ්‍රී ලංකාව සහ චීනය අතර භූගෝලීය දුරස්ථභාවය දෙරට අතර නිල රාජ්‍යතාන්ත්‍රික කටයුතු, ආර්ථික සහ වෙළෙඳ සහයෝගීතාව සහ සංස්කෘතික අන්තර්ක්‍රියාවලට බාධාවක් නොවන බවයි. සිසුන් පශ්චාත් උපාධි වැඩසටහන සාර්ථකව නිම කර, පරම්පරාවෙන් පරම්පරාවට, අන්‍යෝන්‍ය සහයෝගීතාවයේ සහ මිත්‍රත්වයේ උපායමාර්ගික හවුල්කාරිත්වයේ “සාක්ෂිකරුවන්” සහ “උරුමකරුවන්” බවට පත්වනු ඇතැයි ඔහු අපේක්ෂා කළේය.

චීන-ආසියා ආර්ථික සංවර්ධන සංගමයේ ජාත්‍යන්තර අධ්‍යයන හුවමාරු කමිටුවේ උප සභාපති Kejian Wang මහතා උත්සවය අමතමින් කොළඹ විශ්වවිද්‍යාලයට ඇතුළත් වූ චීන සිසුන්ට සහ Tomorrow Technology Education Service Center වෙත  සිය සුභාශිංසන පළ කළේ ය. ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 83%ක් උසස් පාසල් හෝ ඊට වැඩි අධ්‍යාපනයක් ලබා ඇතැයි පැවසු ඔහු කොළඹ විශ්ව විද්‍යාලය ශ්‍රී ලංකාවේ වඩාත්ම දක්ෂ සිසුන් සහ විද්වතුන් එක්රැස් කරන ශ්‍රී ලංකාවේ හොඳම සහ පැරණිතම පොදු විශ්ව විද්‍යාලය බවද පැවසීය.

කොළඹ විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා පීඨයේ පීඨාධිපති මහාචාර්ය චන්දන අලුත්ගේ මහතා සහ කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන පශ්චාද් උපාධි ආයතනයේ මහාචාර්ය පූජ්‍ය මැදවච්චියේ ධම්මජෝති හිමිපාණන් වීඩියෝ තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වෙමින් සිසුන් වෙත සුබපැතුම් පිරිනැමීය. චීනය සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පිහිටුවීමේ 65 වැනි සංවත්සරයට සහ රබර් සහල් ගිවිසුම අත්සන් කිරීමේ 70 වැනි සංවත්සරයට සමගාමීව 2022 කොළඹ විශ්වවිද්‍යාලයේ චීන සිසුන් සඳහා සමාරම්භක උත්සවය ඉතා වැදගත් බව ඔවුන් දෙදෙනාම පැවසූහ.

 

මෙහිදී මූල්‍ය ආර්ථික විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය (MFE) සඳහා ඇතුළත් කරගත් සිසුන් කිහිප දෙනෙකු  වෙත  ඊට අදාල ලිපි ප්‍රදානය  කෙරිණ. චීන සිසුන් සඳහා ශාස්ත්‍රපති උපාධි වැඩසටහන් ආරම්භ කිරීම සම්බන්ධයෙන් කොළඹ විශ්ව විද්‍යාලය සමඟ ඇති සාර්ථක සහයෝගීතාවය අගයමින් තානාපතිවරයා විසින් TTSEC වෙත සිය අත්සන සහිත ගෞරව සහතිකයක් පිරිනමන ලදී.

2004 හි බීජිං හි පිහිටුවන ලද TTESC, අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ඇති ශාස්ත්‍රීය හුවමාරුව සඳහා චීන සේවා මධ්‍යස්ථානයට අනුබද්ධ Chivast Education International හි දිගුකාලීන හවුල්කරුවෙකි. TTESC ප්‍රධාන වශයෙන් විදේශ අධ්‍යයන උපදේශන, ජාත්‍යන්තර අධ්‍යාපන සහයෝගීතාවය සහ විදේශීය අධ්‍යයනය, භාෂා පුහුණුව, විද්වත් හුවමාරුව, වැඩිදුර අධ්‍යාපනය, සීමාවාසික පුහුණුව, සංස්කෘතික හුවමාරුව වැනි සේවා සැපයීමේ නිරත වේ. දේශීය වෙළඳපල ඉල්ලීම් මත පදනම්ව විදේශීය විශ්ව විද්‍යාල වලින් උසස් තත්ත්වයේ වැඩසටහන් හඳුන්වා දීමෙන්, TTESC සිය සිසුන්ට අති නවීන ජාත්‍යන්තර පාඨමාලා ලබා දෙයි. දැනට TTESC ජාත්‍යන්තර අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ ලොව පුරා බොහෝ ප්‍රසිද්ධ විශ්ව විද්‍යාල සමඟ සබඳතා ගොඩනඟා ගෙන ඇති අතර එක්සත් ජනපදය, කැනඩාව, දකුණු කොරියාව, සිංගප්පූරුව, රුසියාව, මැලේසියාව, ප්‍රංශය, එක්සත් රාජධානිය වැනි බොහෝ රටවල නියෝජිත කාර්යාල ඇත.

About Post Author

Staff Writer

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Previous post පාසල් ළමුන් ප්‍රවාහනයට ලංගම ඩිපෝ මගින් ඉන්ධන
Next post මන්කි ෆොක්ස් ශ්‍රී ලංකාවට ඇතුළු විය හැකි බවට අනතුරු ඇඟවීමක්