ගුවන් අනතුරින් මියගිය ගුවන් හමුදා සාමාජිකයින්ගේ මරණ පරික්ෂණ අද

Read Time:1 Minute, 36 Second

ඊයේ උදෑසන 09.15 ට පමණ හපුතලේ තම්බිපිල්ල මාවත, අයිස්පිල්ල ප්‍රදේශයේදී ගුවන් හමුදාවට අයත් Y 12 වර්ගයේ ගුවන් යානයක් අනතුරට ලක් විය.

ගුවන් යානය අනතුරට ලක්වන විට එහි ගුවන් හමුදා සාමාජිකයින් සිව්දෙනෙකු ගමන් කරමින් සිට ඇති අතර අනතුරින් ඔවුන් සියලුදෙනාම ජීවිතක්ෂයට පත් විය.

ගුවන් යානය අනතුරට පත්වන අවස්ථාවේ එහි නියමු ලෙස කටයුතුකර ඇත්තේ බලගණ නායක බුද්ධි වීබැද්ද මහතායි.

සහය ගුවන් නියමුවා ලෙස බලපන්ති නායක ලංකාපුර කුලතුංග මහතා කටයුතු කර ඇති බව සඳහන්.

එම අවස්ථාවේ ගුවන් යානය තුළ නායක ගුවන්භට එල්.ඒ .සී හෙට්ටිආරච්චි මහතා ද සැරයන් ඩී .ඩබ්ලිව්.කුමාර මහතාද සිට තිබේ.

මෙම අනතුරින් මියගිය ගුවන් හමුදා සාමාජිකයින්ගේ මෘත ශරිර සම්බන්ධයෙන් වන පශ්චාත් මරණ පරික්ෂණය අද (04) දින සිදු කිරිමට නියමිතව තිබේ.

මියගිය ගුවන් හමුදා සාමාජිකයින්ගේ මෘත ශරිර මේ වන විට බදුල්ල රෝහලේ තැන්පත් කර ඇති බව පොලිසිය පැවසුවේය.

මහේස්ත්‍රාත් පරීක්ෂණය ඊයේ (03) දින පස්වරුවේ බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් කීර්ති කුඹුරුහේන මහතා විසින් පැවැත් වීය.

About Post Author

htwsithum

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Previous post උසස් අධ්‍යාපනය වෙනුවෙන් පුළුල් ණයක්
Next post ඔරුගොඩවත්ත-වැල්ලම්පිටිය මාර්ගය තාවකාලිකව වැසේ