ජනපතිගේ නම කියා බියගන්වනවානම් පොලීසියට කියන්න

Read Time:1 Minute, 15 Second

ජනාධිපතිගේ නාමය භාවිතා කරමින් යම් පුද්ගලයන් පිරිසක් සිදුකරන වංචනික ක්‍රියාවන් පිළිබඳව  වාර්තා වී ඇතිබව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හා ජනාධිපති කාර්යාලයේ නාමය භාවිත කරමින් සහ ජනාධිපති කාර්යාලයේ තනතුරු දරන බව සඳහන් කරමින් යම් යම් පුද්ගලයන් විසින් මහජනතාව වෙත විවිධාකාරයේ බලපෑම් කිරීම්, බියගැන්වීම් හා රැකියා අවස්ථා ලබාදෙන බවට පොරොන්දු වීම් වැනි නොයෙක් ආකාරයේ වංචනික කටයුතු සිදුකරන බවට වාර්තා වී ඇතැයි ජනපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

මෙවැනි ක්‍රියා ජනාධිපතිවරයාගේ හෝ ජනාධිපති කාර්යාලයේ අනුදැනුමකින් තොරව සිදුවන බව මහජනතාවට දැනුම් දෙන බවත් ඒ පිළිබඳව තොරතුරු ලද වහාම පොලිස් ස්ථානයක් වෙත දන්වන ලෙසත්, එවැනි ක්‍රියාවලට හසුනොවන ලෙසත් මහජනතාවට දැනුම් දෙන බවද ජනපති මාධ්‍ය අංශය වැඩිදුරටත් පවසයි.

About Post Author

htwsithum

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Previous post තරුණ නායකත්වයකට ක්‍රියාකරන්න අවස්ථාව ලබාදීම මගේ අරමුණයි- රනිල් වික්‍රමසිංහ
Next post “ටයිම්ස්” සඟරාවේ මෙවර වසරේ පුද්ගලයා ග්‍රේටා තන්බර්ග්