Saturday, April 20, 2024
HomeLocalජනපති ජපානයේ හා පිලිපීනයේ සංචාරයක

ජනපති ජපානයේ හා පිලිපීනයේ සංචාරයක

ජපානයේ සහ පිලිපීනයේ නිල සංචාරයක් සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හෙට(26) අලුයම දිවයිනෙන් පිටත්ව යාමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ, එම දෙදින ජපාන නිල සංචාරයේදී ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මහතාගේ අවමංගල්‍ය උත්සවයට ද ජනාධිපතිවරයා සහභාගීවන බවයි.

ආසියානු සංවර්ධන බැංකු අධිපතිවරුන්ගේ රැස්වීමේ මුලසුන දැරීමට සැප්තැම්බර් 28 වැනිදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පිලිපීනය බලා පිටත්ව යාමට ද නියමිත ය.

එහිදී ජනාධිපතිවරයා පිලිපීන ජනාධිපති බොංබොං මාකෝස් මහතා සමග මෙන්ම ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති සත්සුගු අසකාවා මහතා සමග සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය ජපාන සහ පිලිපීන නිල සංචාරය නිම කර සැප්තැම්බර් 30 වැනිදා නැවත දිවයිනට පැමිණෙනු ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments