ජෝන් අමරතුංගගේ කැබිනට් සංදේශයට ඇමැතිවරුන් පිරිසකගේ විරෝධය

Read Time:1 Minute, 34 Second

වනජීවී හා සංචාරක හා ක්‍රිස්තියානි කටයුතු ඇමැති ජෝන් අමරතුංග මහතා විසින් ඉදිරිපත් කරන ලද විල්පත්තු ජාතික වනෝද්‍යානය තුළ කතෝලික දේවස්ථානය පිහිටි භූමිය ජාතික වනෝද්‍යානයෙන් ඉවත් කර වෙනම ගැසට් කිරීම සඳහා  කැබිනට් සංදේශයට ඊය‍ෙ (03) පැවැති කැබිනට් රැස්වීමේදී ඇමැතිවරුන් පිරිසක් දැඩි විරෝධය පළකර ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙසේ විරෝධය පළකර ඇත්තේ ඇමැතිවරුන් වන පාඨලී චම්පික රණවක, ගාමිණි ජයවික්‍රම පෙරේරාෙ,සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් ඇතුළු ඇමැතිවරුන් පිරිසක් බව එම ආරංචි මාර්ග වලින් පැවසෙනවා.

ජාතික වනෝද්‍යානයේ අක්කර අටක පමණ භූමි ප්‍රදේශයක් මෙසේ ජාතික වනෝද්‍යානයෙන් ඉවත් කර වෙනම ගැසට් කිරීම සඳහා අනුමැතිය ඉල්ලා මෙම කැබිනට් සංදේශය ඉදිරිපත් කර ඇති බවද වාර්තාවෙනවා.

එහිදී අදහස් දක්වා ඇති ඇමැතිවරුන් කිහිපදෙනෙකු සඳහන් කර ඇත්තේ පල්ලියේ උත්සව කටයුතු සඳහා භූමිය භාවිතා කිරීමට ඉඩදිය හැකි නමුත් භූමිය වෙනම ගැසට් කිරීමට ඉඩදිය නොහැකි බවය.ඒ අනුව කැබිනට් සංදේශය ඉවත් කරගෙන ඇති බවද වාර්තා විය.

 

About Post Author

htwsithum

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Previous post කැලණි විහාරයේ දායක සභා සභාපති ධුරයෙන් අගමැති ඉවත් කිරීමට අනුමැතිය
Next post සුමිත් රත්නායකගේ “රංකොල්ලා” පූර්ව ප්‍රචාරක පටය අන්තර්ජාලයට