“ටයිම්ස්” සඟරාවේ මෙවර වසරේ පුද්ගලයා ග්‍රේටා තන්බර්ග්

Read Time:1 Minute, 33 Second

“ටයිම්ස්” සඟරාවේ මෙවර වසරේ පුද්ගලයා ලෙස ස්වීඩනයේ 16 හැවිරිදි ග්‍රේටා තන්බර්ග් තේරීපත් වේ.

16 හැවිරිදි ග්‍රේටා තන්බර්ග් දේශගුණික විපර්යාස පිළිබඳ ක්‍රියාකාරිනියකය, මෙවර ටයිම් සඟරාවේ වසරේ පුද්ගලයා ලෙස මැය නම් කරයි. ඇය ටයිම් සඟරාවේ වසරේ පුද්ගලයා ලෙස තේරී පත් වූ ළාබාලතම තැනැත්තිය ද වේ.

ග්‍රේටා තන්බර්ග් පිළිබඳව ජාත්‍යන්තර අවධානය යොමු වූයේ පසුගිය සැප්තැම්බර් මාසයේ එක්සත් ජාතීන් ගේ දේශගුණික ක්‍රියාකාරී සමුළුව අමතා සිදු කළ කතාවෙනි.

දේශගුණික අර්බුද සම්බන්ධයෙන් කිසිදු පියවරක් නොගන්නා බවට එහිදී ඇය ලෝක නායකයන්ට චෝදනා කළ අතර. දේශගුණික විපර්යාස පිළිබඳ එක්සත් ජාතීන්ගේ වාර්ෂික සමුළුවේදීද ඇය ලෝක නායකයන්ට චෝදනා කළාය.

සෑම වසරකදීම ටයිම් සඟරාව එම වසරේ වඩාත්ම බලපෑමක් කළ පුද්ගලයා තෝරාගනු ලබන අතර. පසුගිය වසරේ දී සිය රාජකාරීවලදී ප්‍රචණ්ඩත්වයට ගොදුරු වූ, ‘ද ගාඩියන්ස්’ නමැති මාධ්‍යවේදීන් කණ්ඩායමක් එලෙස තෝරා ගෙන තිබුණි.එම පුද්ගලයාගේ ඡායාරූපයක් සඟරාවේ මුල් පිටේ හෝ කවරයේ පළ කරනු ලබයි.

About Post Author

Staff writer

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Previous post ජනපතිගේ නම කියා බියගන්වනවානම් පොලීසියට කියන්න
Next post පුත්තලමේදී ත්‍රි රෝද රථයක් දුම්රියක ගැටේ