සීඝ්‍රයෙන් ව්‍යාප්තවන කොරෝනා වසංගත තත්ත්වයත් සමග ජපාන රජය විසින් අගෝස්තු 22 වනදා දක්වා බල පැවැත්වෙන පරිදි ටෝකියෝ නගරය ආශ්‍රිතව හදිසි තත්වයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා.
මෙම මස 23 වනදා ඔලිම්පික් උළෙල ආරම්භවීමට නියමිත වාතාවරණයක දී එලෙස හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීම ලොව පුරා අවධානයට යොමුව ඇති බව සඳහන්.
එරට ක්‍රීඩා ලෝලීන්ට මෙවර ඔලිම්පික් තරඟය නැරඹීමේ අවස්ථාව ද මේ යටතේ අහිමි වනු ඇති බවට ද ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
එලෙස වුවහොත් එය ප්‍රේක්ෂක සහභාගීත්වයකින් තොරව පැවැත්වෙන ලොව ප්‍රථම ඔලිම්පික් උළෙල බවට පත්වනු ඇති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here