ඩෙංගු රෝගය වැළදීමේ ප්‍රවණතාවයේ අඩුවීමක්

Read Time:1 Minute, 39 Second

2019 වසරේ ජනවාරි මස සිට මේ දක්වා ඩෙංගු රෝගීන් 90,000 ක් පමණ වාර්තා වී ඇති නමුත් පසුගිය නොවැම්බර් මසට සාපේක්ෂව දෙසැම්බර් මස පසුගිය සති තුන තුළ ‌ඩෙංගු රෝගය වැළදීමේ ප්‍රවණතාවයේ අඩුවීමක් ඇති බව ඩෙංගු මර්දන ඒකකය අවධාරණය කරයි.

දැනට පවතින ඊසාන දිග මෝසම් වර්ෂා තත්ත්වයත් සමඟ දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක ඩෙංගු රෝගීන් වාර්තා වීමේ ප්‍රවණතාවයක් පෙන්නුම් කරන බවත් මේ වන විට කොළඔ, ගම්පහ, කළුතර, යාපනය සහ මහනුවර යන දිස්ත්‍රික්ක වලින් ඩෙංගු රෝගීන් වැඩි වශයෙන් වාර්තා වන බවද සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

පරිසරය තුළ වැසි ජලය රැඳී පැවතිය හැකි ජලය රැඳී පැවතිය හැකි ස්ථාන බහුලව පැවතීමත්, වරින් වර ඇතිවන වර්ෂාව සමඟ මේවායේ මදුරුවන් බෝවීම ඉහළ යාමත් මේ සඳහා හේතුවන බවද එම නිවේදනයේ සඳහන්.‍

ඩෙංගු වෛරසය ආවේක්ෂණ පද්ධති හරහා ලබා ගත් දත්ත වලට අනුව මේ වන විට ඩෙංගු වෛරස කාණ්ඩ II සහ III දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් වාර්තා වී ඇති බවත් පවතින මෙම තත්ත්වය සැලකීමේ දී මහජනතාව ඩෙංගු රෝග ලක්ෂණ පිළිබඳව අවධානය යොමු කළ යුතු බවත් සෞඛ්‍ය හා දේශිය වෛද්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

About Post Author

htwsithum

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Previous post පාඨලී අත්අඩංගුවට ගැනීම දේශපාලන පළිගැනීමක්-අකිල විරාජ්
Next post අධික වර්ෂා තත්වය හේතුවෙන් රිවස්ටන් මාර්ගය අවධානම්