තියුණු ආයුධයකින් පහර දී බැළලියක මරාදැමූ සිසුවා පොලිස් බාරයට

Read Time:1 Minute, 16 Second

බණ්ඩාරගම, මස්විල ප්‍රදේශයේ අසල්වැසි නිවසක සුරතලයට ඇති කළ බැළලියකට තියුණු ආයුධයකින් පහර දී මරාදැමීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පාසල් සිසුවකු අද(23) පොලිසියට බාරවීමෙන් පසු අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලිසිය පවසයි.

බණ්ඩාරගම පොලිසිය සැකකාර පාසල් සිසුවාට පොලිසියට පැමිණෙන්නැයි දැනුම් දුන්නද ඔහු සිය දෙමව්පියන් සමඟ ප්‍රදේශය හැරගොස් තිබූ බවත් පසුව අද පැමිණ පොලිසියට බාර වූ බව පොලිස් නිලධාරියෙක් පැවසීය.

සැකකාර  සිසුවාගේ නිවසට බැළලිය පැමිණීම සම්බන්ධයෙන් මෙම පහරදීම සිදුකරන්නට ඇතැයි බැළලිය ඇති කළ අසල්වැසි කාන්තාව පොලිසියට කළ පැමිණිල්ලේ සදහන් වේ.

තුවාල ලද බැළලිය සිසුවාගේ නිවස ආසන්න මාර්ගයේ දමා ගොස් ඇති බවද, අසල්වැසි කාන්තාව එහි යනවිටද බැළලිය මියගොස් ඇතැයිද පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන්ව ඇත.

About Post Author

htwsithum

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Previous post මගුරු ගඟ හරහා යමින් සිටි තරුණ අඹු සැමි යුවළක් ඔරුව පෙරළී අතුරුදන්
Next post ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රසන්න ජයවර්ධන මහතා අභාවප්‍රාප්ත වෙයි