Wednesday, March 27, 2024
HomeLocalදෙහිවල කෙල්ල පිළිකාවකින් මරුට

දෙහිවල කෙල්ල පිළිකාවකින් මරුට

දෙහිවල සත්වෝද්‍යානයේ සිටින අකිරා, ඩුමා සහ ලියෝ නම් බෙංගාල ව්‍යාඝ්‍ර පැටවුන් තිදෙනාගේ මව වන “කෙල්ල” නැමති ව්‍යාඝ්‍ර ධේනුව මියගොස් තිබේ.

එම පැටවුන්ට පසුගිය මාර්තු 05 වන දින උපත දුන් ව්‍යාඝ්‍ර මව බෙල්ලේ ඇතිවූ දරුණු පිළිකා රෝගයකින් පීඩා විදිමින් සිටි බව දෙහිවල සත්වෝද්‍යානයේ අධ්‍යක්ෂ ජනරාල් තිලක් ප්‍රේමකාන්ත මහතා පවසයි.

ව්‍යාඝ්‍ර ධේනුව සත්වෝද්‍යානයේ පශු වෛද්‍යවරුන් සහ සත්ව අංශයේ කාර්ය මණ්ඩලයෙන් ප්‍රතිකාර ලබමින් සිටි අතර වූ ඇය මිය යනවිට වයස අවුරුදු 15 කි.

චීනයේ ෂියැංජින් සෆාරි උද්‍යානයෙන් සත්ත්ව හුවමාරු වැඩසටහනක් ඔස්සේ 2008 වසරේදී ශ්‍රී ලංකාවේ දෙහිවල සත්වෝද්‍යානයට මෙම ව්‍යාඝ්‍ර ධේනුව රැගෙන විත් ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments