නාම පුවරු ගැටලුවට විමල් වීරවංශගෙන් විසදුම්-Gossip

Read Time:1 Minute, 39 Second

උතුරු නැගෙනහිර රාජ්‍ය කර්මාන්ත අතරට අයත්වූ තල් ආශ්‍රිත නිශ්පාදන සිදුකරන ආයතනයක නාම පුවරුවක යෙදූ භාෂාව පිළිබඳව පසුගිය දින කිහිපයක් පුරාවට සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ කතාබහට ලක්විය.

එහි සිංහල භාෂාවට ප්‍රමුඛත්වයක් නොලැබීම මෙම කතාබහට ප්‍රධාන හේතුවක් වූ අතර එය සමාජ මාධ්‍ය ඔස්සේ විවිධාකාර අදහස් සමඟ ගලායන්නට විය.

නමුත් උතුරු නැගෙනහිර නිරීක්ෂණය කිරීමේ නිල සංචාරයකට සහභාගිවී සිටි විමල් වීරවංශ මහතා එම පුවරුව දුටු විගස එය නිවැරැදි කරන ලෙස එම ස්ථානයේ අදාල බළධාරීන්ට දැණුම් දී ඇත. අනතුරුව එම බළධාරීන් එය නිවැරදි කර ඇතිබව පවසමින් විමල් වීරවංශ මහතා තම Facebook ගිණුම ඔස්සේ සටහනක්ද තබා ඇත.

“උතුරු නැගෙනහිර රාජ්‍ය කර්මාන්ත නිරීක්ෂණය කිරීමේ සිව්දින නිල සංචාරයට සමාගමීව මන්නාරම තල් කෙදි සැකසුම් මධ්‍යස්ථානය මා අතින් විවෘත වූයේ පසුගිය සෙනසුරාදා ය.එහි නාමපුවරුවේ වූ අඩුපාඩුව වහා නිවැරදි කරන ලෙස මා ඒ මොහොතේදීම තල් සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයාට උපදෙස් දුනිමි.

ඒ අනුව දැනටමත් එම අඩුපාඩුව නිවැරදි කර ඇති බව සදහන් කරනු කැමැත්තෙමි!”

About Post Author

htwsithum

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Previous post ඉතිහාසය වෙනස්කල කළු කොටියා
Next post ශ්‍රී ලංකාවෙන් ප්‍රථම කොරෝනා රෝගියා වාර්තා වෙයි