දිවයිනපුරා පවතින අයහපත් කාලගුණය හේතුවෙන් සහන සැපයීමට නාවික හමුදා සහන කණ්ඩායම් ස්ථාපිත කිරීමට නාවික හමුදාව මේවන විට කටයුතු කර ඇත.

හදිසි අපදාවන් වලදී සහන සැලසීම වෙනුවෙන් පුහුණුව ලත් නාවික හමුදා මැරීන් බලකාය, නාවික හමුදා ක්ෂණික ප්‍රතිචාර දැක්වීමේ, මුදවා ගැනීමේ සහ සහන සැළසීමේ ඒකකය (4RU), විශේෂ යාත්‍රා බලඝණය සහ නාවික හමුදා කිමිදුම් අංශය ඇතුළු නාවික පුද්ගලයින්ගෙන් සමන්විත සහන සැළසීමේ කණ්ඩායම් රැසක් මේ සඳහා සුදානම් කර ඇත.

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ උපදෙස් මත මුළු දිවයිනම ආවරණය වන පරිදි නාවික විධානයන් තුළ හදිසි අවස්ථාවන්ට මුහුණ දීම සඳහා නාවික හමුදා සහන කණ්ඩායම් සුදානම් කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here