නුවරඑළිය පදියපැලැල්ල මලපට්ටාව ප්‍රදේශයේ නිවසක් මතට ඊයේ රාත්‍රි 7.30ට පමණ පස් කන්දක් කඩාවැටීමෙන් නිවස සම්පූර්ණයෙන් යට වී ඇති අතර එක් අයෙක් මිය ගොස් තවත් තිදෙනෙක් අතුරුදන් වී ඇත.

කෙසේවෙතත් වලපනේ පොලීසිය, නුවරඑළිය යුධ හමුදා කඳවුරේ නිලධාරීන් සහ ප්‍රදේශවාසින් එක්ව අද උදෑසන 6ට පමණ මෙහෙයුම් ආරම්භ කර ඇති අතර එහිදී 18 හැවිරිදි තරුණියකගේ සිරුරක් සොයා ගෙන තිබේ .

මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ, දිවයිනේ පවතින වැසි තත්ත්වය තවදුරටත් අපේක්ෂා කළ හැකි බවයි.

උතුර, වයඹ, බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වලත්, අනුරාධපුර දිස්ත්‍රික්කයේත් අද දිනයේත් තද වැසි බලාපොරොත්තු වියහැකි අතර, ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ත් 150ත් අතර තද වැසි අපේක්ෂා කෙරෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here