පන්සලට පල්ලියට ගොස් අනුශාසනා මත කටයුතු කරන්න-රනිල් වික‍්‍රමසිංහ

Read Time:1 Minute, 20 Second

ඉදිරි මැතිවරණ ජයග‍්‍රහණය කිරීම වෙනුවෙන් සියලු පිරිස් ගමේ  පන්සලට පල්ලියට ගොස් මහා සංඝරත්නය ඇතුළු ආගමික නායකයින්ගේ අවවාද අනුශාසනා මත කටයුතු කිරීම අත්‍යවශ්‍ය බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා සිරිකොත පක්ෂ මූලස්ථානයේදි ඊයේ (16) පැවසීය.

කුරුණෑගල දිස්ති‍්‍රක් පළාත් පාලන නියෝජිතයන් සමග සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති හමුවකින් අනතුරුව  මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය.
තාමත් ගමට  යන්න බෑ කියන ආසන සංවිධායකවරුන්, මන්ත‍්‍රීවරුන්  සිටීනම් ඔවුන්  ඉවත්ව යන අයට අවස්ථාව ලබාදිය යුතු බවද රනිල් වික‍්‍රමසිංහ මහතා සඳහන් කළේය.

වැරදි අඩුපාඩු නිවැරදි කරගනිමින් තනි තනිව හෝ කණ්ඩායම් ලෙස කටයුතු නොකර පක්ෂයක් ලෙස ශක්තිමත්ව මුහුණදීමෙන් ඉදිරි මැතිවරණ ජයග‍්‍රහණය කිරීමට හැකියාව ඇති බවත් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා වැඩිදුරටත් පැවැසීය.

About Post Author

htwsithum

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Previous post සැමියාගේ පිහි පහරින් දෙදරු මව මරුට
Next post වතු කම්කරුවන්ට පඩි වැඩිවන ලකුණු