පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන ජනාධිපති පරීක්ෂණ කොමිෂන්සභාව පසුගිය සතියේ රැස්වූ අතර එහිදී පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකුගෙන් සාක්ෂි විමසුවේය.

ඒ අනූව සහරාන් ශ්‍රී ලංකාව තුළ කතෝලික පල්ලි හා ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලය ඉලක්ක කර මරාගෙන මැරෙන ප්‍රහාරයක් සිදු කළ හැකි බවට පූර්ව අනතුරු ඇඟවීමේ ලිපියක් ඉකුත් අප්‍රේල් 11 වැනිදා කොළඹ උතුර කොට්ඨාස භාර පොලිස් අධිකාරි සංජීව බණ්ඩාර මහතාගේ කාර්යාලයට ලැබුණු බව අනාවරණ වූයේ පොලිස් පරික්ෂක ආර්.එස්.උපේන්ද්‍ර මහතා කොමිසම හමුවේ ලබාදුන් සාක්ෂි අනුවයි.

පොලිස් අධිකාරි සංජීව බන්ඩාර මහතා , ප්‍රහාරයෙන් අනතුරුව ඊට අදාළ පොලිස් ලොග් සටහන් පොත වෙනස් කිරීමට තමා සමඟ සාකච්ඡා කළ බවත් , විමර්ශනයට අදාලව තමා මෙතෙක් කළ ප්‍රකාශ ඔහුගේ උපදෙස් මත ලබාදුන් ඒවා බවත් පොලිස් පරීක්ෂක ආර්.එස්.උපේන්ද්‍ර මහතා එදින කොමිසම හමුවේ අනාවරණ කළේය.

මින් පෙර සාක්ෂි ලබා දුන් සාක්ෂිකරුවන් හරහා පොලිස් පරික්ෂක උපේන්ද්‍රට අගතියක් සිදුව ඇති බවට හැඟි යන හෙයින් අදාළ සාක්ෂි පරික්ෂා කිරිමට ජනවාරි මස 10 වැනිදා දක්වා අවස්ථාව ලබා දෙන බවත් පසුව නීතිඥවරයෙකු මාර්ගයෙන් ඔවුන්ගෙන් හරස් ප්‍රශ්න යොමු කිරිමට අවස්ථාව ලබා දෙන බවත් මෙහිදී කොමිසම කියා සිටියේය.

ඒ අනූව අද පොලිස් අධිකාරි සංජීව බණ්ඩාර කොමිසම හමුවේ සාක්ෂි ලබා දිමෙන් පසු ඔහුගෙන්ද හරස් ප්‍රශ්න යොමු කිරිමට පොලිස් පරික්ෂක උපේන්ද්‍රට කොමිසම අවසර ලබා දුන්නේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here