Home Local බැසිල් රාජපක්ෂ නව මුදල් අමාත්‍යවරයා ලෙස  දිවුරුම් දෙයි

බැසිල් රාජපක්ෂ නව මුදල් අමාත්‍යවරයා ලෙස  දිවුරුම් දෙයි

0
182

නව මුදල් අමාත්‍යවරයා ලෙස  බැසිල් රාජපක්ෂ මහතා අද (08) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

පොදුජන පෙරමුණේ පත් කළ මන්ත්‍රී, ජයන්ත කැටගොඩ මහතා ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, බැසිල් රාජපක්ෂගේ නම පක්ෂයේ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් මහතා විසින් මැතිවරණ කොමිසමට ලිඛිතව දැනුම් දෙනු ලැබුවා.

ඒ අනුව මැතිවරණ කොමිසම ඊයේ (07), බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස තෝරා පත්කරගත් බව ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කර ඇත.

 

NO COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here