දෙහිවල, අත්තිඩිය-කහවිට ප්‍රදේශයේ දී රුපියල් ලක්ෂ දෙකක් පමණ වටිනා මත්කුඩු පැකට් 400 ක් සමග පුද්ගලයෙක් අද( 13)  අලුයම අත්අඩංගුවට.

ගල්කිස්ස කොට්ඨාස විශේෂ යතුරු පැදි ඒකකය බඩෝවිට සිට පිළියන්දල ප්‍රදේශයට යතුරු පැදියකින් මත්කුඩු ප්‍රවාහනය කරන බවට විශේෂ යතුරු පැදි ඒකකයට  ලද තොරතුරක් අනුව බඩෝවිට සිට බොරලැස්ගමුව දෙසට පැමිණෙමින් තිබූ යතුරු පැදිය කහවිට මාවතේ ක්ෂණික මාර්ග බාධකයේ දී  නවතා පරීක්ෂා කිරීමේදී අදාල සැකකරු සන්තකයේ මත්කුඩු පැකට් තිබී හමු වූ බව පොලිසිය පවසයි .

විශේෂ යතුරු පැදි ඒකකයේ ස්ථානාධිපති අසේල ප්‍රදීප් සෙනෙවිරත්න මහතාට ලද තොරතුරක් අනුව මෙම පරීක්ෂා කිරීම සිදුකර ඇත.එම මත්කුඩු පැකට් කිරීම සදහා වයිෆයි සලකුණ මුද්‍රණය කර තිබෙන කුඩා කඩදාසි භාවිතා කර තිබූ බව පොලිසිය සදහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here