මැතිවරණ දිනය අභියෝගයට ලක් කළ පෙත්සම් ප්‍රතික්ෂේප කෙරේ

Read Time:1 Minute, 36 Second

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සහ ජුනි මස 20 වනදා මහ මැතිවරණය පැවැත්වීමට  නිකුත් කරමින් තිබෙන ගැසට් නිවේදනය බලරහිත කරන ලෙස ඉල්ලමින් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කිරීමට පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අද (02) තීන්දු කළේය.

අගවිනිසුරු  ජයන්ත ජයසූරිය,  බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෲ,  ප්‍රියන්ත ජයවර්ධන සහ විජිත් මළල්ගොඩ යන මහත්වරුන්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම තීන්දුව ප්‍රකාශයට පත් කෙරිණි.

⁣දින 10 ක් පුරා පෙත්සම්කාර හා වගඋත්තරකාර පාර්ශව වල කරුණු දැක්වීම් ඊයේ (01) අවසන් කළ පංච පුද්ගල විනිසුරු මඩුල්ල  මෙම පෙත්සම් විභාගයට අවසර  දෙනවාද  නැත්ද යන්න පිලිබද තීන්දුව මීට ස්වල්ප මොහොතකට පෙර  ප්‍රකාශයට පත් කරමින් මෙම තීන්දුව ලබා දෙන ලදී.

මෙම පෙත්සම් වල නීතිමය පදනමක් නොමැති බව සදහන් කරමින් විනිසුරු මඩුල්ල මෙම පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කරන ලදී.

About Post Author

htwsithum

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Previous post නල්ලතන්නියේදී මද්දකට හසු වී සිටි කළු කොටියා මියයයි
Next post “හක්කපටස්” ආහාරයට ගත් ඇතින්නකගේ ඔබ නො ඇසූ ක්‍රියාවක්