ඇල්පිටිය මැතිවරණ පැමිණිලි සම්බන්ධිකරණ ඒකකයේ සහකාර තේරීම්භාර නිලධාරිවරයා හා ⁣පොලිස් නිලධාරීන් පිරිසක් ඇල්පිටිය ප්‍රාදේශිය සභා ජන්ද විමසීමට අදාලව ප්‍රදේශයේ සංචාරය කරමින් සිටියදී නිතීවිරෝධී ලෙස මැතිවරණ ප්‍රචාරණ කටයුතුවල නිරත වු පුද්ගලයන් දෙදෙනකු ඊයේ රාත්‍රි අත්අඩංගුවට ගෙන තිබේ.
ඇල්පිටිය වල්ලඹගල ප්‍රදේශයේදී ශබ්ද විකාශණ යන්ත්‍ර උපයෝගි කරගනීමින්  වැන්රථයක සිට මෙලෙස පුද්ගලයන් දෙදෙනකු ප්‍රචාරක කටයුතුවල යෙදී ඇත.
සැකකරැවන් දෙදෙනා සමග වැන්රථය හා ශබ්ද විකාශණ යන්ත්‍ර අත්අඩංගුවට ගෙන ඇල්පිය පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයන් වන අතර වැඩිදුර විමර්ෂණ ඇල්පිටිය පොලිසිය විසින් සිදුකරනු ලබයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here