මෝටර් රථ හිමියන්ට සුභ ආරංචියක්

Read Time:2 Minute, 14 Second

මෝටර් රථවල මේ වන විට ඉතාමත් වේගවත් දියුණුවක් දක්නට ලැබේ. මේ දියුණුවත් සමගම මෝටර් රථවල මතුවන දෝෂ නිරික්ෂනයට ක්‍රමයක් ද අවශ්‍ය වෙයි. මේ සදහා නිෂ්පාදකයින් විසින් OBD II ක්‍රමය හදුන්වා දී ඇත. මීට පෙර OBD I ක්‍රමය හදුන්වා දුන් නමුදු මෙම ක්‍රමය යටතේ දෝෂ නිරික්ෂනයේදි ගැටලු මතු විය. නිෂ්පාදකයාට පමණක් දෝෂ නිරික්ෂණය කිරීමට සහ එය සැකසීමට හැකිය. එහිදී එම සමාගමෙන් හැර වෙනත් පිටත ගරාඦයකදී එවැනි දෝෂ නිවැරදි කිරිම් කළ නොහැකිය. එබැවින් මෙය එතරම් සාර්ථක තත්වයක් නොවු අතර අවසානයේ මෙයට පිලියමක් ලෙස SAE සමාගමෙන් මෙම ක්‍රමය වෙනස් කරමින් OBD II (On-board diagnostics) ලෙස පිටත ඇති සේවා ස්ථානවලදි ද සේවාවන් කර ගැනිමට හැකි පරිදි Scanners සකස් කළ අතර මෙය OBD II ලෙස හදුන්වනු ලබයි. මෙම ක්‍රමයෙන් තවත් ඉදිරියට යමින් BMW සමාගම RF (Radio Frequency) තාක්ෂණය භාවිත කරමින් මෝටර් රථ සමාගම කොපමන දුරක තිබුන ද  මෝටර් රථයේ ඇතිවන දෝෂය හදුනාගෙන මෝටර් රථය මෝටර් රථ සමාගමට ගෙන ඒමකින් තොරව හෝ කාර්මික නිලධාරියෙකුගේ පරික්ෂා කිරීමකින් හෝ ඇඳගෙන ඒමකින් තොරව ඇති වී තිබෙන දෝෂය හදුනාගෙන එයට අවශ්‍ය කොටස් එම ස්ථානයට රැගෙන ගොස් එම ස්ථානයේදීම ඇති වී අති දෝෂය නිවරදි කරදිමට හැකිවිය. මෙයිනුත් ඉදිරියට යමින් ලෝකයේ කොතැනක මෝටර් රථ තිබුන ද අන්තර්ජාලය හරහා මව් සමාගම් හා සම්බන්ධ විමට හැකි ලෙස මෙම තාක්ෂනය නිර්මාණය විය. BMW, VW, Audi, Peugeot සමාගම් ද ඉතාමත් සංකිර්ණ ලෙස මෙම තාක්ෂණය යොදා ගැනේ.

(තවත් කොටසක් ලබන සතියේ බලාපොරොත්තු වන්න)

සටහන – රුචික ලසන්ත

             

 

About Post Author

htwsithum

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Previous post සුමිත් රත්නායකගේ “රංකොල්ලා” පූර්ව ප්‍රචාරක පටය අන්තර්ජාලයට
Next post පානදුර පොලිසියෙන් අතුරුදන් වූ ගිනි අවි අකුරැස්සෙන් හමුවේ