යුපුන් පොදු රද මඩුලු මීටර් 100 ලෝකඩ පදක්කම දිනා ගනී

Read Time:1 Minute, 49 Second
එංගලන්තයේ බර්මින්ග්හැම් නුවර පැවැත්වෙන 2022 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී  අද(04) මීටර් 100 පිරිමි ධාවන ඉසව්වේ ලෝකඩ පදක්කම යුපුන් අබේකෝන් විසින් දිනා ගැනීමට සමත් විය.
වසර 24 කට පසු පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලකදී මළල ක්‍රීඩා ඉසව්වකින් දිනූ පළමු පදක්කම එයයි.
පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලකදී මීටර් 100 ධාවන ඉසව්වෙන් පදක්කමක් දිනූ පළමු ශ්‍රී ලාංකික ක්‍රිඩකයා ලෙස ද යුපුන් අබේකෝන් අද ඉතිහාසයට එක් විය.
එමෙන්ම පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලක මීටර් 100 ඉසව්වේ අවසන් තරඟයකට සහභාගීවී ඉන් පදක්කමක් දිනූ පළමු ආසියානු ක්‍රීඩකයා ලෙසද වාර්තා පොත් අතරට එක්වීමට යුපුන් අබේකෝන් සමත් වීම විශේෂත්වයකි.
කිසිදු ආසියාතික ක්‍රීඩකයෙකුද මීටර් 100 ඉසව්වෙන් මෙවර අවසන් මහා තරඟයට සුදුසුකම් ලබා නොතිබීම ද විශේෂත්වයක් විය.
මීටර් 100 තරඟ ඉසව්ව තත්ත්පර 10.02න් නිම කළ කෙන්යානු ක්‍රීඩකයා එහි රන් පදක්කම දිනා ගත් අතර තත්ත්පර 10.13න් තරඟය නිම කළ රුසියානු ක්‍රීඩකයා එහි රිදී පදක්කම දිනා ගත්තේය.
ලෝකඩ පදක්කම දිනාගත් ශ්‍රී ලංකාවේ යුපුන් අබේකෝන් තරඟය නිම කර තිබුණේ තත්ත්පර 10.14කිනි. ඒ අනුව යුපුන්ට රිදී පදක්කම අහිමි වූයේ තත්ත්පර බිංදුවයි දශම බිංදුවයි එකකින් වීම විශේෂත්වයකි.

About Post Author

Staff Writer

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Previous post මන්කි ෆොක්ස් ශ්‍රී ලංකාවට ඇතුළු විය හැකි බවට අනතුරු ඇඟවීමක්
Next post පොදු රද මඬුලු පැරා ක්‍රීඩා උළෙලේදී පාලිත බණ්ඩාරට රීදී පදක්කමක්