ශ්‍රී ලංකාව තුළ නීතිය හා සාමය රකින්න, ත්‍රිවිධ හමුදාවට වගකීම ලබාදීමට විශේෂ ගැසට් නිවේදනයක්.

ශ්‍රී ලංකාව තුළ හා ශ්‍රී ලංකාවට අයත් මුහුදු ප්‍රදේශ තුළත් නීතිය හා සාමය පවත්වාගෙන යෑමේ වගකීම ත්‍රිවිධ හමුදාව වෙත ලබාදෙමින් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අති විශේෂ ගැසට් නිවේදනයක් ඊයේ (22දා) නිකුත් කර තිබේ.

මෙම ගැසට් නිවේදනය අනුව ශ්‍රී ලංකාවේ සියලුම පරිපාලන දිස්ත්‍රික්ක හා ඊට යාබද ජල තීරය තුළ නීතිය හා සාමය පවත්වාගෙන යෑම ශ්‍රී ලංකා යුද හමුදාව,ශ්‍රී ලංකා ගුවන් හමුදාව, ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත පවරා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here