රන්ජන්ට විනය පියවරක් ගැනීමේ සාකච්ඡාවට එජාපය අද රැස් වේ

Read Time:1 Minute, 32 Second

මේ දිනවල දැඩි කතාබහට ලක්ව සිටින පාර්ලිමේන්තු මන්තී‍්‍ර රන්ජන් රාමනායක සම්බන්ධයෙන් විනය පියවර ගන්නේ දැයි සාකච්ඡා කිරීමට එක්සත් ජාතික පක්‍ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම අද (09) සිරිකොත පක්ෂ මූලස්ථානයේදීයි රැස්වීමට නියමිතයි.

අධිකරණ විනිසුරුවරුන් සහ උසස් පොලිස් නිළධාරීන් සමග මන්තී‍්‍රවරයා විසින් සිදුකර ඇතැයි පැවසෙන දුරකතන සංවාද කෙරෙහි විශේෂ අවධානයක් යොමු කිරිම සඳහා මෙම රැස්වීම සංවිධානය කර ඇති අතර,

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ පාර්ලිමේන්තු මන්තී‍්‍ර හර්ෂණ රාජකරුණා කියා සිටියේ පක්ෂයේ නිලධාරීන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම තවමත් මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගෙන නොමැති අතර අද දිනයේ ඒ පිළිබඳ දීර්ඝ සාකච්ඡාවක් කෙරෙනු ඇති බවයි.

මේ අතර රන්ජන් රාමනායක මන්තී‍්‍රවරයාගේ ප‍්‍රශ්නගත දුරකතන සංවාදවලදී අනාවරණ වූ කරුණු සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකර අදාළ පාර්ශවවලට දඩුවම් ලබාදීම රජයේ වගකීමක් බව එක්සත් ජාතික පක්‍ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්තී‍්‍ර අකිල විරාජ් කාරියවසම් පවසයි.

About Post Author

htwsithum

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Previous post ඇමෙරිකානු සෙබලුන් තමන්ගේ සමීපතම ආදරණීයන්ගෙන් සමුගෙන යුධ වැදීම සඳහා පිටත් වෙන සංවේදී දර්ශන
Next post පූජකවරයෙක් තම ලිංගේන්ද්‍රියෙන් කල අපූරූ ක්‍රියාවක් (ඡායාරූප සහිතයි)