විටින් විට වාහන මිලදී ගැනීම නිසාවෙන් මහජන මුදල් කෝටි ගණනින් අපතේ යන බවට අණාවරණය වී ඇති බැවින් ඉදිරි වසර තුනක කාලයක් ගතවනතුරු අමාත්‍යවරුන්ට හා රාජ්‍ය ආයතනවලට අලුතින් වාහන මිලදී ගැනීම නතර කරන ලෙසට ආයතන ප‍්‍රධානීන්ට ජනාධිපතිවරයා උපදෙස් දී ඇති බව වාර්තා වෙනවා.

ඒ අනුව දැනට අමාත්‍යංශ හා රාජ්‍ය ආයතන සතු වාහන සංචිත පිළිබඳව ගණනය කිරීම සිදුකර වඩාත් ප‍්‍රරතිඵලාදායක ලෙස ඒවා කළමනාකරණය කර ගැනීමේ ක‍්‍රමවේදයක් ආරම්භ කර තිබෙන බවද වාර්තා වෙනවා .

යම් හෙයකින් අමාත්‍යවරයකුට හෝ රාජ්‍ය ආයතනයකට අලුතින් වාහනයක් අත්‍යාවශ්‍ය බවට යෝජනා වුවහොත් ඒ සම්බන්ධයෙන් දැඩි සොයාබැලීමක් සිදුකර ඒ ඉල්ලීම ඉටුකිරීමට නියමිත බවද මේ වනතෙක් රාජය සතු වාහන කළමනාකරණය කිරීමක් සිදුව නොමැති අතර විවිධ හේතු දක්වමින් විටින් විට වාහන මිලදී ගැනීම නිසාවෙන් මහජන මුදල් කෝටි ගණනින් අපතේ යන බවට අණාවරණය වී ඇති බැවින් ජනාධිපතිවරයා මෙම තීරණය ගෙන ඇති බවට වාර්තා වෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here