Thursday, March 28, 2024
HomeLocalවිපක්ෂයේ මංත්‍රීන් 13ක් ස්වාධීන වෙති

විපක්ෂයේ මංත්‍රීන් 13ක් ස්වාධීන වෙති

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ඇතුළු එම පක්ෂයේ මන්ත්‍රී- වරු 13ක් ආණ්ඩුවේ සිට ස්වාධීන කණ්ඩායමක් ලෙස පාර්ලිමේන්තුවේදී ඊයේ (31) විපක්ෂයේ අසුන් ගත්තේය.

ඒ අනුව ඩලස් අලහප්පෙරුම, නීතිඥ ඩිලාන් පෙරේරා, මහාචාර්ය චරිත හේරත්, මහාචාර්ය චන්න ජයසුමන, ආචාර්ය නාලක ගොඩහේවා, ආචාර්ය ගුණපාල රත්නසේකර, නීතිඥ වසන්ත යාපා බණ්ඩාර, වෛද්‍ය උපුල් ගලප්පත්ති, වෛද්‍ය තිලක් රාජපක්ෂ, නීතිඥ උදයන කිරිඳිගොඩ, කේ.පී.එස්. කුමාරසිරි, ලලිත් එල්ලාවල යන මන්ත්‍රීවරුන් මෙසේ විපක්ෂයට ගොස් අසුන් ගත්හ.

එහිදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඩලස් අලහප්පෙරුම මහතා ඇතුළු මන්ත්‍රීවරුන් පිරිස අතරට ගොස් අතට අත දෙමින් සුබ පැතුවේය.

විපක්ෂයේ සිටි අනෙක් මන්ත්‍රීවරුන්ද විපක්ෂයට පැමිණි කණ්ඩායමට අතට අත දෙමින් වැලඳ ගනිමින් සුබ පැතුම් එක් කළ අයුරු දක්නට ලැබිණි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments