Friday, April 19, 2024
HomeWorldවෙඩි වැදුණු හිටපු ජපන් අගමැති මිය යයි

වෙඩි වැදුණු හිටපු ජපන් අගමැති මිය යයි

අද  උදෑසන වෙඩි ප්‍රහාරයට ලක්වූ ජපානයේ හිටපු අගමැති ෂින්සෝ අබේ මහතා ජීවිතක්ෂයට පත්වී තිබේ.

ජපාන මාධ්‍ය වාර්තා කළේ, හිටපු අගමැතිවරයා ප්‍රතිකාර ලබමින් සිටි රෝහලකදී මිය ගිය බවයි.

ජාපන ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු තහවුරු කළ බව ය.

එළෙඹෙන මැතිවරණ සඳහා නාරා නගරයේ ප්‍රචාරක රැස්වීමකට සහභාගි වී සිටියදී ජපානයේ හිටපු අගමැති ෂින්සෝ අබේ මහතා අද පෙරවරුවේ වෙඩි ප්‍රහාරයට ලක් විය.

ප්‍රහාරය එල්ල කර සුළු වෙලාවකින් අනතුරුව ඝාතකයා එම ස්ථානයේදී ම අත්අඩංගුවට ගැනීමට එරට ආරක්ෂක අංශ සමත් විය.

ජපාන මාධ්‍ය වාර්තා කළේ, සැකකරු 41 හැවිරිදි නාරා ප්‍රදේශයේ ම පදිංචිකරුවෙකු බවයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments