ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා 20යි 20 තරගාවලිය අද ඇරඹේ

Read Time:1 Minute, 26 Second

තරඟ 3 කින් සමන්විත ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගාවලිය අද ආරම්භ වේ.

දෙරට අතර පළමු තරඟය මෙරට වේලාවෙන් පෙරවරු 9.00 ට පැවැත්වෙන්නේ ඔස්ට්‍රේලියාවේ ඇඩිලේඩ්හීදියි.

ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගාවලිය සඳහා වන ඔස්ට්‍රේලියානු සංචිතයට වේග පන්දු යවන ක්‍රීඩක සීන් ඇබෝට් ද කැඳවා තිබේ.

ඒ, වැලමිටක ආබාධයක් හේතුවෙන් එම තරඟාවලියෙන් ඉවත් කෙරුණු වේග පන්දු යවන ක්‍රීඩක ඇන්ඩෘ ටයි වෙනුවටයි.

ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර ඇඩිලේඩි පිටියේදී මේ දක්වා එක් 20 යි 20 තරඟයක් පවත්වා ඇති අතර 2017 වසරේ පැවති එම තරඟය ඔස්ට්‍රේලියාව ලකුණු 41 කින් ජය ගත්තේය.

මේ අතර 2007 වසරේ සිට ඔස්ට්‍රේලියා – ශ්‍රී ලංකා 20 යි 20 ක්‍රිකට් තරග ඉතිහාසය තුළ මේ දක්වා අන්තර්ජාතික 20 යි 20 ක්‍රිකට් තරග 13 කදී ඔවුන් මුණගැසී තිබේ.

ඉන් තරග 8 ක ජය ශ්‍රී ලංකාව හිමිකර ගත් අතර ඔස්ට්‍රේලියානු කණ්ඩායම ජයග්‍රහණය කර ඇති තරඟ ගණන 5 කි.

About Post Author

htwsithum

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Previous post අයහපත් කාලගුණයෙන් දිස්ත්‍රික්ක හයක ජනතාවට පීඩා
Next post පස්සර නිවසකට පස් කන්දක් පෙරලී ළමුන් තිදෙනෙකුට තුවාල