ශ්‍රී ලංකා නාවික හමුදාවේ 69 වැනි සංවත්සරය සමරයි

Read Time:1 Minute, 44 Second

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 69 වැනි සංවත්සරය අදට යෙදී තිබේ.

රට වට බැඳි රන් පවුරක් තේමාවෙන් සිලෝන් රෝයල් නේවී පිහිටවූයේ 1950 දෙසැම්බර් 9 වැනිදායි.

1972 ශ්‍රී ලංකා ජනරජ ව්‍යවස්ථාවත් සමග සිලෝන් රෝයල් නේවී නම ඉවත් කර ශ්‍රී ලංකා නාවික හමුදාව ලෙසින් එය හැඳින්වීම ආරම්භ කළේ ය.

සතුරු ආක්‍රමණවලදී සයුරේ අණසක පතුරවමින් ලංකාද්වීපය රැක ගැනීමට නාවික සෙබළුන් කළ මෙහෙවර ඉතිහාසයේ රන් අකුරින් ලියැවී ඇත.

ශ්‍රී ලංකා නාවික හමුදාව දේශීය මෙන්ම කලාපීය සාගර අවකාශය තුළින් මතුවිය හැකි ඕනෑම අභියෝගයකට මුහුණදිය හැකි යුදමය ශක්තියකින් පරිපූර්ණයි.

කුරිරු ත්‍රස්තවාදය මව්බිමෙන් මුලිනුපුටා දැමීම සඳහා දියත් කළ මානූෂීය මෙහෙයුමේදී නාවික හමුදාව ඉටුකළ අමිල මෙහෙවර මෙරට ජන හදවත් තුළින් කිසිදා මැකී නොයනු ඇති.

එසේම සිවිල් සමාජය නීතිගරුක කිරීම වෙනුවෙන් වර්තමානයේ නාවික හමුදාවෙන් ඉටුවන්නේ අද්විතීය මෙහෙවරකි.

වර්ග කිලෝමීටර 65 610 ක භූමි ප්‍රමාණයක මුහුදු සැතපුම් 200 ක් පුරා නාවික හමුදා අණසක පැතිරී ඇත්තේ, මිලියන 20 කට අධික ජීවිත සුරක්ෂිත කිරීමේ ඒකායන පර්මාර්ථයෙනි.

About Post Author

htwsithum

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Previous post සමනල අඩවිය පුජා භුමියක් ලෙස නම් කරයි
Next post රුසියාවට වසර 4 ක ක්‍රීඩා තහනමක්