IS සටන්කාමීන් ඉරාකය තුළ යළිත් හිස ඔසවමින් ඇතැයි වාර්තා

Read Time:1 Minute, 27 Second

යළිත් වරක් IS සටන්කාමීන් ඉරාකය තුළ හිස ඔසවමින් ඇතැයි එරට බුද්ධි අංශ වාර්තා කරනවා. එම වාර්තා පෙන්වා දෙන්නේ ඉරාකය තුළ එම සංවිධානය යළි ශක්තිමත්ව ගොඩනැගෙමින් ඇති බවයි.

IS සංවිධානය මේ වනවිට ආයුධ, තාක්ෂණය, උපාය මාර්ග, රථවාහන හා මූල්‍යමය අතින් ශක්තිමත් වී සිටින බවද එරට බුද්ධි අංශ වාර්තා කරනවා.

මීට වසර 02 කට පෙර ඉරාකයේ පැවැති අවසන් බලකොටුවත් IS සටන්කාමීන් වෙත අහිමිවුණා. ඒ, අමෙරිකාව ප‍්‍රමුඛ ඒකාබද්ධ හමුදාවන් එල්ල කළ සන්නද්ධ ප‍්‍රහාර හමුවේයි. එම ප‍්‍රහාර හේතුවෙන් IS සංවිධානය යම් පසුබෑමකට ලක්වුවත්, ඔවුන් සම්පූර්ණයෙන් පරාජය කිරීමට හැකිවූයේ නැති බවද වාර්තා වෙනවා.

ඒ අනුව යම් නිහඬතාවක පසුවූ IS සංවිධානය යළිත් ඉරාකය තුළ ප‍්‍රහාර දියත් කරමින් සිටින බවට බුද්ධි අංශ වාර්තා පෙන්වා දෙනවා. එසේම මේ වනවිට IS සටන්කරුවන් බොහෝසෙයින් ශක්තිමත් වී ඇති බවත්, ඔවුන් අල්කයිඩා සංවිධානයට වඩා අතිශය භයානය බවත්, ඉරාක බුද්ධි අංශ අනාවරණ කරනවා.

About Post Author

Staff writer

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Previous post පාස්කු ප්‍රහාරය ගැන හොයන ජනාධිපති කොමිසම අදත් රැස්වෙයි
Next post රාජිත අදත් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට