සමනල අඩවිය පුජා භුමියක් ලෙස නම් කරයි

Read Time:1 Minute, 52 Second

සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ පාදස්පර්ශ වූ ශ්‍රී පාදස්ථානය පිහිටි සමනල අඩවිය පුජා භුමියක් ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබේ.

ඊයේ (05) ගල්පොත්තාවෙල ශ්‍රීපාද රජමහා විහාරස්ථානය වෙත පැමිණි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ආගමික වාතවත්වලින් පසු ශ්‍රී පාදස්ථානය පිහිටි සමනල අඩවිය පුජාභුමියක් ලෙස ප්‍රකාශයට පත්කිරිමේ සන්නස් පත්‍රය ශ්‍රීපාදස්ථානාධිපති පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න ස්වාමීන් වහන්සේ වෙත පුජා කරන ලදි.

අනතුරුව සබරගමුව මහ සමන් දේවාලය වෙත පැමිණි එතුමා අශිර්වාද ලබා ගැනිමෙන් පසු සබරගමුව මහ සමන් දේවාලයේ වාර්ෂික පෙරහැර මංගල්‍යය ජාතික උත්සවයක් බවට පත් කිරිමේ ගැසට් පත්‍රය සබරගමුව මහ සමන් දේවාලයේ බස්නායක නිළමේ මිගාර ජයසුන්දර මහතා වෙත මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පිළිගැන්විණ.

වසර 2600කට පෙර සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ පාදස්පර්ශ වූ ශ්‍රී පාදස්ථානය පිහිටි සමනල අඩවිය සහ සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ දකුණ දළදා වහන්සේ නමක් වැඩසිටින ඓතිහාසික සෝමවති පුදබිම උතුම් පූජා නගර ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරිමේ ගැසට් නිවේදනවලට අත්සන් තබමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය පස් වසරක ජනාධිපති ධූරයේ රාජකාරී ඉකුත් නොවැම්බර් මස 17 වනදා අවසන් කර ඇත.

About Post Author

htwsithum

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Previous post රාජ්‍ය අමාත්‍යාංශ සදහාත් නව ලේකම්වරුන්
Next post ශ්‍රී ලංකා නාවික හමුදාවේ 69 වැනි සංවත්සරය සමරයි