සිව් හැවිරිදි දියණිය ඝාතනය කිරීමට තැත්කළ මව රිමාන්ඩ්

Read Time:1 Minute, 15 Second

තම සිව් හැවිරිදි දියනිය නිවස පිටුපස ළිඳට දමා ඝාතනය කිරීමට උත්සහ දැරූ සැකකාර මව අත්අඩංගුවට ගෙන හොරණ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස 20 වැනි දින දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස වැඩබලන මහේස්ත්‍රාත් චන්දන විජේසූරිය මහතා නියෝග කළේය.

මෙලෙස රිමාන්ඩ් භාරයට පත්කරන ලද්දේ මොරගහහේන ගුණානන්ද මාවතේ පදිංචි කල්පනී මධුෂානි මද්දුමගේ නැමැති 31 හැවිරිදි තැනැත්තියකි.

මිත්තනිය සමඟ නිවසේ මුල්තැන් ගෙයි සිටියදී එකවරම මුලුතැන් ගෙට පැමිණ තිබූ සැකකාරිය දැරියව දෑතින් උස්සාගෙන ගොස් ළිඳට දමා ඇති බව පොලිසිය සදහන් පැවසීය.

එම අවස්ථාවේදීම දැරියගේ සීයා ළිඳට බැස දැරිය බේරාගෙන තිබූ බව පොලිසිය කියයි.දැරිය මේ වන විට හොරණ මූලික රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලිසිය පැවසීය.

About Post Author

htwsithum

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Previous post පුත්තලමේදී ත්‍රි රෝද රථයක් දුම්රියක ගැටේ
Next post වරායේ ස්කෑනින් ගැටලුවට ජොන්ස්ටන්ගෙන් ප්‍රතිචාර