සිවාජිලිංගම්- ශ්‍රීකාන්තන් නව දේශපාලන ගමනකට

Read Time:1 Minute, 54 Second

ටෙලෝ සංවිධානයෙන් ඉවත්ව ගිය සාමාජිකයින්ගෙන් සැදුම් ලත් නව පක්ෂයක් ඉදිරි මැතිවරණ සදහා  ගොඩනගන බව එම්.කේ.සිවාජිලිංගම් පවසයි.

එම පක්ෂයේ මහ ලේකම් වශයෙන් ටෙලෝ සංවිධානයේ සභාපතීත්වයෙන් ඉල්ලා අස්වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.කේ.සිවාජිලිංගම් මහතා පත්කර ඇත.

දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් හා බලාපොරොත්තු මෙන්ම ස්වයං අයිතිය වෙනුවෙන් දේශපාලන වශයෙන් හඬනගන පක්ෂයක් වශයෙන් ද්‍රවිඩ ජාතික පක්ෂය ඉදිරියේදී කටයුතු කරන බව එම පක්ෂයේ මහ ලේකම් එම්.කේ.සිවාජිලිංගම් මහතා පැවසීය.

ටෙලෝ සංවිධානයෙන් ඉවත්ව ගිය සාමාජිකයින්ගෙන් සැදුම් ලත් මෙම පක්ෂය ඉදිරි මැතිවරණවලදී උතුරු හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන්ගේ නායකත්වයෙන් ගොඩනගන නව දේශපාලන බලවේගය හා එක්ව දේශපාලනය කිරීමට සූදානම් බවද සිවාජිලිංගම් මහතා පැවසීය.

දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන ටෙලෝ සංවිධානයේ සාමාජිකයින් වූ එම සංවිධානයේ මහලේකම් ශ්‍රීකාන්තන් මහතා සහ ජ්‍යෙෂ්ඨ උප සභාපති එම්.කේ සිවාජිලිංගම් මහතා එම සංවිධානයෙන් ඉවත්ව ගියේ එම්.කේ සිවාජිලිංගම් පසුගිය ජනාධිපතිවරණයට පක්ෂ ප්‍රතිපත්තිය එරෙහිව ගොස් තරග කිරීම සහ පක්ෂ තීරණය නොතකා ශ්‍රීකාන්තන් ප්‍රමුඛ පිරිසක් සිවාජිලිංගම්ට සහාය දැක්වීම හේතුවෙන් සිදුකළ විනය පරීක්ෂණයක් මුල්කරගෙනය.

About Post Author

htwsithum

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Previous post ප්‍රදේශ කිහිපයකට හෙට පැය 24ක ජල කප්පාදුවක්
Next post ස්විස් නිලධාරිනිය අත්අඩංගුවට ගන්නැයි නීතිපතිගෙන් උපදෙස්