අර්ධ සුඛෝපභෝගී බස් රථ ගාස්තු සාමාන්‍ය ගාස්තු දක්වා අඩු කිරීමට ඉදිරියේදී කටයුතු කරන බව මගී ප්‍රවාහන කළමනාකරණ විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේ, නාරාහේන්පිට මොටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ඊයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමිනි.

මේ අතර අර්ධ සුඛෝපභෝගී (Semi Luxury) බස් රථ සේවය ඉවත් කිරීම කෙරෙහි අවධානය යොමුව තිබේ.

මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යංශය පැවසුවේ මගීන්ට පහසුකම් සපුරාලීමකින් තොරව බොහෝ බස් රථ සේවයේ යෙදවීම හේතුවෙන් මේ පියවර ගන්නා බවයි.

වැඩි මුදලක් ගෙවමින් මගී ජනතාව අපේක්ෂා කරන ගුණාත්මක සේවාවක් ඒ තුළින් ඉටු නොවීම පිළිබඳව අමාත්‍යංශයේ අවධානය යොමුව ඇත.

අමාත්‍යංශය පැවසුවේ මේ සම්බන්ධයෙන් අධ්‍යයනය කර අවශ්‍ය නිර්දේශ ලබා ගැනීම සඳහා කඩිනමින් විශේෂ කමිටුවක් පත් කිරීමට නියමිත බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here