අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් තාවකාලිකව අවලංගුකර තිබු දුම්රිය ගමන්වාර කිහිපයක් අද දිනයේ සිට යළි ක්‍රියාත්මක කරන බව දුම්රිය ප්‍රධාන පාලක මැදිරිය පවසනවා.

ඒ අනුව කොළඹ කොටුව සිට පොඩි මැණිකේ දුම්රිය අද උදෑසන 5.55 ට බදුල්ල දක්වා ගමන් ආරම්භ කළ අතර උදෑසන 8.30 ට බදුල්ලේ සිට කොළඹ කොටුව බලා තවත් දුම්රියක් ගමන් ආරම්භ කළ බව දුම්රිය ප්‍රධාන පාලක මැදිරිය සඳහන් කළා.කෙසේ වෙතත් පොඩි මැණිකේ දුම්රිය පමණක් අද සිට උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල – කොළඹ අතර ධාවනය කිරීමටයි සැළසුම් කර ඇත්තේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here