යාපනය නගරය ආශ්‍රිතව ක්‍රියාත්මක වන ආවා කල්ලි සාමාජිකයින් හා අපරාධවලට සම්බන්ධ පිරිස් අත්අඩංගුවට ගැනීම සදහා ඊයේ (22) විශේෂ සෝදිසි මෙහෙයුම්ක් කි‍්‍රයාත්මක කළ බව පොලිසිය පවසයි.

මෙම මෙහෙයුමට පොලිස් , යුද හමුදා, හා විශේෂ කාර්ය බලකායේ  භට පිරිස් සහභාගි  වු බව යාපනය උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

ඊයේ අලූයම 5.00 සිට පෙරවරු 9.00 දක්වා මෙම  මෙහෙයුම කි‍්‍රයාත්මක කර ඇති අතර යාපනය නගර සීමාව, නල්ලූර් යන ප‍්‍රදේශවල නිවාස හා පුද්ගලයන් පරීක්ෂාවට ලක්කළ බවද  එම උසස් නිලධාරියා පැවසීය.

යාපනය නගරය කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක වන විවිධ ආවා කල්ලි සාමාජිකයින් අත්අඩංගුවට ගැනීම සෝදිසි කිරීම් මෙහෙයුමේ ප‍්‍රධාන අරමුණ වි ඇති අතර .යාපනය නගරයේ ජනතාවගේ ආරක්ෂාව සුරක්ෂිත කිරීමේ අරමුණින් මෙම සෝදිසි මෙහෙයුම් ඉදිරියේදීත් ක්‍රියාත්මක කිරීමට නියමිත බව පොලිසිය සඳහන් කරයි.කෙසේ වෙතත් මෙම මෙහෙයුමේ දී කිසිදු සැකකටයුතු කිසිදු පුද්ගලයෙක් හෝ භාණ්ඩයක් හමුවී නොමැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here