Thursday, April 18, 2024
HomeSportsආසියානු දැල්පන්දු ශූරතාව ශ්‍රී ලංකාව දිනා ගනී

ආසියානු දැල්පන්දු ශූරතාව ශ්‍රී ලංකාව දිනා ගනී

06 වැනි වරටත් ආසියානු කුසලාන දැල්පන්දු ශූරතාවලිය ජයගැනීමට ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම සමත් විය.
ඒ සිංගප්පූරු කණ්ඩායම සමග පැවති තරඟයේ දීය.
අවසන් තරගයෙ පළමු කාර්තුව අවසන්වන විට,  ලකුණු 19 – 13ක් ලෙස සිංගප්පූරුව පෙරමුණ ගත් අතර  දෙවන කාර්තුව අවසානයේද සිංගප්පූරු ක්‍රීඩිකාවන් පෙරමුණ ගත්තේ ලකුණු 27 – 30ක් ලෙසයි.
අනතුරුව ලකුණු 03ක් පසුපසින් සිටිමින් දෙවැනි කාර්තුව අවසන් කළ ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවන් තුන්වැනි කාර්තුවේදී විශිෂ්ඨ ක්‍රීඩා රටාවක නිරතවිය.
ඒ අනුව එම කාර්තුව අවසානයේ ශ්‍රී ලංකාව පෙරමුණ ගත්තේ ලකුණු 46 – 38 ක් ලෙසයි.
එම ලකුණු පරතරය එලෙසම රඳවාගනිමින් දක්ෂ ලෙස ක්‍රීඩා කළ ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවන් නියමිත කාලය අවසන් වන විට එම පරතරය ලකුණු 10 දක්වා වැඩිකර ගැනීම සමත්විය.
ශ්‍රී ලංකාව තරගය ජයගත්තේ ලකුණු 63 – 53 ක් ලෙසයි.
RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments