නල්ලතන්නිය -ලක්ෂපාන වලමලෙයි වතුකරයේ මද්දකට හසු වි මුදාගත් කළු කොටියා අද (29) දින උදෑසන උඩවලව ඇත් අතුරු සෙවනේදි මිය ගිය බව නල්ලතන්නිය වනජිවි කාර්යයාලයේ නිලධාරින් පැවසුවා.

දඩයම්කරුවන් විසින් එලවළු වගා භුමියක අටවා තිබු මද්දකට කළු කොටියා හසු වි සිටි අතර උඩවලව ඇත් අතුරු සෙවනේ පශු වෛද්‍යවරුන් සහ රන්දෙණිගල පශු වෛද්‍ය රෝහලේ වෛද්‍යවරුන් විසින් මද්දකට හසු වි සිටි කොටියා නිර්වින්දනය කර මුදාගෙන තුවාල ලබා සිටි කොටියා වැඩිදුර ප්‍රතිකාර සදහා උඩවලව ඇත් අතුරු සෙවන පශු වෛද්‍ය රෝහල වෙත රැගෙන ගොස් ප්‍රතිකාර ලබමින් සිටියදි අද දින උදෑසන මිය ගිය බව වනජිවි නිලධාරින් සඳහන් කලා.

මෙලෙස මිය ගිය කොටියා පැන්තරා පාදුස් වර්ගයට අයත් කොටියෙක් වන අතර මිය ගිය කොටියාගේ පශ්චාත් මරණ පරික්ෂණය එම රෝහලේදි සිදු කිරිමට නියමිතයි.

Subscribe Us

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here