බත්තරමුල්ල තලංගම පහළවෙළ ප්‍රදේශයේ  යුද හමුදා කඳවුරක ඉදිකරමින් පවතින ගොඩනැගිල්ලකින් වැටී,යුද හමුදා ඉංජිනේරු බලකා  සෙබළකු ජීවිතක්ෂයට.

මෙලෙස මියගොස් ඇත්තේ කිරිවත්තුඩුව පිටිපන දකුණ ප්‍රදේශයේ පදිංචි රණසිංහ ආරච්චිගේ සම්පත්  රණවීර නමැති කාර්මික සෙබළකුවන අතර, මොහු ඉංජිනේරු බලකායට අනුයුක්තව සේවය කර ඇති බව පොලිසිය කියයි .

ඉදිකරමින් පවතින මුළුතැන්ගේ සහිත ගොඩනැගිල්ලක ඉහළ මාලයෙන් වැටී මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය කියයි.

අඩි 15ක පමණ ඉහළ සිට බිමට වැටීමත් සමග එම ස්ථානයේ සිටි  පිරිස එක්ව අනතුරට පත් සෙබලා ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගොස්  ඇති අතර සිද්ධිය වූ ස්ථානයට කඩුවෙල මහේස්ත්‍රාත්වරයා පැමිණ ස්ථානීය පරීක්ෂණයක් සිදු  කොට පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දේහය කළුබෝවිල ශික්ෂණ රෝහලට රැගෙන යන ලෙස පොලිසියට නියෝග කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here