චීන කොමියුනිස්ට් පක්ෂය ස්ථාපිත කිරීමේ 100වෙනි සංවත්සරය බෙයිජිංහි ටියැන්අන්මෙන් චතුරශ්‍රයේදී අද (1) පැවැත්විණ.
1921 වසරේ 50කට වැඩි සාමාජිකයන් ගෙන් ස්ථාපිත වූ චීන කොමියුනිසට් පක්ෂයේ අද වන විට මිලියන 95කට වැඩි සාමාජික පිරිසක් සිටිති. චීන කොමියුනිස්ට් පක්ෂයේ නායකත්ව‍යෙන් චීන ආර්ථික හා සමාජ සංවර්ධනය මෙන්ම ජන ජීවිතය ලොවට සුවිශේෂ අයුරෙන් දැවැන්ත පරිවර්තනයක් සිදු කර ඇත. ගෝලීය වශයෙන් දැවැන්ත බලපෑම් සහිත ලෝකයේ ප්‍රථම පාලක පක්ෂය චීන කොමියුනිස්ට් පක්ෂයයි.
චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහ ලේකම්, මධ්‍යම හමුදා කොමිසමේ සභාපති, ජනාධිපති ෂී ජින් පිං මහතා එම උත්සවය අමතා වැදගත් දේශයක් පැවැත්වීය. අංග සම්පූර්ණ සුවපහසු චීන සමාජයක් ගොඩ ගැනීමට හැකි වී ඇතැයි ෂී ජින් පිං මහතා එම උත්සවයේදී ගම්භීරව ප්‍රකාශ කළේය. චීන කොමියුනිස්ට් පක්ෂයේ සහ චීන ජනතාවගේ අඛණ්ඩ උත්සාහය යටතේ එවැනි ජයග්‍රහණයක් ලබා ගත් චීනය, නවීන හා බලවත් සමාජවාදී රටක් අංග සම්පූර්ණයෙන් ගොඩනැගීමේ ඉලක්කය සපුරා ගැනීමට උත්සාහ කරමින් සිටින බව හෙතෙම පැවසීය.නව යුගයේ චීන ලක්ෂණ සහිත සමාජවාදය, වඩාත් පූර්ණ පද්ධතිමය සහතිකය, වඩාත් බලවත් ද්‍රව්‍යමය පදනම සහ වඩාත් ක්‍රියාකාරී මානසික බලයක් නිර්මා‍ණය කර ඇති බව ද, ෂී ජින් පිං මහතා සඳහන් කරයි.
විවිධ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ, සමස්ත චීන කර්මාන්ත හා වාණිජ සම්මේලන හා නිර්පක්ෂ නියෝජිතයෝ ඒකාබද්ධව සුබ පැතුම් පිරිනැමූ අතර චීන කොමිනියුස්ට් තරුණ ලීගය සහ යොවුන් ඉදිරි පෙළේ නියෝජිතයෝ සමූහයක් වශයෙන් සුබ පැතුම් පිරිනැමූහ. චීන කොමියුනිස්ට් පක්ෂ සාමාජිකයෝ මෙන්ම 70 දහසකට වැඩි පිරිසක් සාංවත්සරික උත්සවයට එක්ව සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here