ශක්තිමත් පාර්ලිමේන්තුවක් තුළින් තරුණ නායකත්වයකට ක්‍රියාකරන්න අවස්ථාව ලබාදීම තම අරමුණ බව එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (14) ගාල්ලේ දි පැවසීය.

“ශක්තිමත් පාර්ලිමේන්තුවක් තුළින් තරුණ නායකත්ව පැලැන්තියක් හදන්න ඔන. දුර්වල පාර්ලිමේන්තුවකින් ඒක කරන්න බැහැ. ශක්තිමත් පාර්ලිමේන්තුවක් තුළින් තරුණ නායකත්වයකට ක්‍රියාකරන්න අවස්ථාව ලබාදිය යුතුයි. එහෙම වුණොත් අපිට පුළුවන් මේක අන්ත පරාජයකට යන්නේ නැතිව ජයග්‍රහණයක පළමු පියවරය තබන්න. අලුත් එජාපයක් අලුත් සන්ධානයක් ඇති කිරිමට කටයුතු කරනවා.

අපේ පක්ෂය ඉදිරියට ගෙනි යන්නේ කෙහොමද ප්‍රතිසංවිධනය ගැන අපි විතරක් කථා කරලා හරියන්නේ නැහැ. අපි කියන දේ මහා සංඝරත්නය පිළිගන්නේ නැතිනම් කුමක්ද එකේ තියෙන ප්‍රයෝජනය. ඒ නිසා මේ ගැන මහාසංඝරත්නය සමඟ කථාකරලා ඉදිරියට යන්න අපි උපදෙස් ගන්න ඕන

ජනවාරි මස 01වැනිදා සිට විහාරස්ථානවලට ගිහින් අපේ අඩුපාඩුකම් ගැන මහා සංඝරත්නය සමග කථාකරන්න. අපි අලුත් විදියකට බලන්න ඕන මේ පක්ෂය අලුත් විදියකට ගෙනියන්න ඕන මම හැමදාම හිටියේ මේ පක්ෂය ආරක්ෂා කරන්න.”

හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මන්ත්‍රිවරයාගේ ගාල්ල උළුවිටිකේ පිහිටි නිවසේ පැවති ගාල්ල එජාප බල මණ්ඩල රැස්විම අමතිමින් එජාප නායකවරයා මේ බව සදහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here